මුල් පිටුව උණුසුම් පුවත් බඩඉරිඟු වවන අයටත් යූරියා

බඩඉරිඟු වවන අයටත් යූරියා

1

බඩඉරිඟු වගා කරන ගොවීන්ටත් යුරියා පොහොර නිකුත් කිරීමට රජය තීරණය කරයි.

මෙවර යල කන්නයේ බඩඉරිඟු වගා කරන ලද ගොවීන්ටත් යුරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී ඇත.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව සින්ගල් සුපර් පොස්පේට් (SINGLE SUPER PHOSPHATE) පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන් ඉන්දීය රජය විසින් ලබා දෙන යුරියා පොහොර තොගය මෙම මස පළමු සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

එම පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාවටත් ලබා දීමට සැලසුම් කර තිබේ. එමෙන්ම යුරියා පොහොර මෙ. ටො. 5000ක් සහ යල කන්නයේ වී වගාවට යොදාගත් යුරියා පොහොරවලින් යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම ප්‍රමාණය තේ වගාව සඳහාත් ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට අප රටේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, සෝයා ‌බෝංචි, සෝගම් හා තෘණවල විශාල හිඟයක් පවතී.

ඒ හේතුවෙන් දෛනික කිරි, බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී තිබේ.

මව්වරුන්ට හා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු, මුං ඇට හා සෝයා බෝංචි හිඟය නිසා රජයේ එම කර්මාන්ත ශාලාව ද වැසී ගොස් ඇත.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් අප රටේ බඩඉරිඟු වගාව නැවත නංවාලීම සඳහා යුරියා පොහොර ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

1 Comment

  1. අදාල නිලධාරීන් බලධාරීන්ට භාර දීලා පෙත්තකට වෙලා ඉන්න වගකීයුතුව මේ සම්බන්ද වාර්තාව ඉල්ලමින් පාලනය කරන්න. අල්ලස දූෂණය අරමුණෙන් ඇඟලි දමන්න එපා.

Leave a Reply to Perumal GnanapragasomCancel reply

Exit mobile version