fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට ඇමති ධම්මිකගෙන් සුබ ආරංචියක්

    ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට ඇමති ධම්මිකගෙන් සුබ ආරංචියක්

    ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 5 දක්වා දීර්ඝ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

    එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (4) සිට මාතර, මහනුවර සහ වව්නියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබාගත හැකිබව ද ඔහු සඳහන් කළේය.

    විදෙස් රැකියා සඳහා යාමට ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින්ට කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ වෙනම කවුන්ටරයක් විවෘත කරන බව ද අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කීවේය.

    ඒ අනුව අදාළ ලේඛන ඇති අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ලබාගන්නා ඡායාරූප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කිරීමේදී උද්ගත වී ඇති ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර එම දෙපාර්තමේන්තුව වෙත කුලී පදනම මත ඡායාරූප යොමුකිරීමේ දත්ත පද්ධතියක් ලබාදීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.