fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියානුවන්ගේ මරණය වසර 10කින් ළංවෙලා

    ඉන්දියානුවන්ගේ මරණය වසර 10කින් ළංවෙලා

    එක්සත් ජනපද පරියේෂකයින් පිරිසක් විසින් කරන ලද නවතම අධ්‍යනයකින් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ජනතාවගේ ආයු අපෙක්ෂාව වසර දහයකින් අඩුවී ඇති බවට අනාවරණය වී තිබේ.

    මේවන විට එම නගරයේ පවතින අධික වායු දූෂණය මීට හේතු වී ඇති බවද මෙම තත්ත්වය යටතේ සමස්ථයක් ලෙස ඉන්දීය වැසියන්ගේ ආයු අපෙක්ෂාව වසර 5කින් පහළගොස් ඇති බවද එම පර්යේෂකයින් පෙන්වා දෙයි.

    ලොව වඩාත්ම පරිසරික දූෂණයට ලක්වූ නගරය වන්නේ නව දිල්ලි නගරය වන අතර එහි වායු ගුණාත්ම මට්ටම ලොව වෙනත් කිසිඳු නගරයක නොමැති තරම් පහල මට්ටමක පවතී.

    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති වායු ගුණාත්මක මට්මටම වඩා ඉතා පහළින් නව දිල්ලියේ වායු ගුණාත්මක බව පවතින අතර සෑම වසරකම ඉන්දියානු වැසියන් මිලියන ගණනක් මෙම වායු ගුණාත්මක භාවය අඩුවීම මගින් ඇතිවන සෞඛ්‍ය තත්ත්ව හේතුනේ මරණයට පත්වේ.

    නව දිල්ලි නගරයේ ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයට සමාන ජනතාවක් වෙසෙන අතර සීත කාලයේදී නගරය මීදුමෙන් වැසීයාම මේවන විට ඉතාම සුලභ තත්ත්වයක් බවට පත්ව ඇත. එමෙන්ම නව දිල්ලි වාතය සමඟ ඉතා කුඩා අංශ මුසුව ඇති අතර එම අංශු පෙනහලු තුලට ඇතුළු වීම හේතුවෙන් දැඩි පෙනහලු ආශ්‍රිත රෝග ඉහළ දැමීමට හේතුවී තිබේ.

    පසුගිය දශක කිහිපය තුල ඉන්දියාව තුල ඇති වූ කාර්මිකරණය, පොසිල ඉන්ධන භාවිතය වැඩවීම මෙම අධික වායු දූෂණයට හේතුවී ඇති අතර නව දිල්ල නගරය පිහිටි භූ ලක්ෂණ මෙම තත්ත්ව දැරණු කිරීමට හේතු වී තිබේ.

    කෙසේවෙත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීත මටමට නව දිල්ලියේ වායු තත්ත්වය වර්ධනය කරගැනීමට හැකියාවක් ඇති වුවහොත් මිලියන 240ක ජනතාවගේ ආයු අපෙක්ෂාව වසර දහයකින් ඉහළ දැමීමට හැකියාව පවතින බවද අදාල පර්යේෂකයනි් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.