fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිපෝෂ ආයෙත් හදන්න ජාත්‍යන්තර සහය

    ත්‍රිපෝෂ ආයෙත් හදන්න ජාත්‍යන්තර සහය

    ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.

    ඒ අනුව මෙරටදී ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියර ගැනෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

    අමුද්‍රව්‍ය හිඟයත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට නතරව තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.