fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPධම්මික පෙරේරා සමාව ගනී

    ධම්මික පෙරේරා සමාව ගනී

    ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී සිටින ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ලෝකප්‍රකට ක්‍රිකට් තරුවක් වූ සනත් ජයසූරිය මහතා දුරකතනයෙන් අමතා සමාව අයැද තිබේ.

    ඒ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වන පෞද්ගලික නාළිකාවක විකාශය වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සනත් ජයසූරිය මහතාගේ ක්‍රිකට් හැකියාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන විටදී ‘සනත් ගුණතිලක’ යනුවෙන් වැරදි ලෙස නම සඳහන් කිරීම සම්බන්ධයෙනි.

    සනත් ගුණතිලක යනු මෙරට සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකි.

    ධම්මික පෙරේරා මහතා එම රූපවාහිනී වැඩසටහනේදී තවත් සුපිරි ක්‍රිකට් තරුවක් වූ අරවින්ද ද සිල්වා මහතා හැඳින්වූයේ ද අරවින්ද පෙරේරා යනුවෙනි.

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමඟ හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුුරයට ධම්මික පෙරේරා මහතා පත්කිරීමත් සමඟ මෙම වීඩියෝ කොටස සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් සංසරණය වීමට පටන්ගෙන තිබේ.

    කෙසේවෙතත් මේ පිිළිබඳ සටහනක් තබමින් සනත් ජයසූරිය මහතා පවසා තිබුණේ ධම්මික පෙරේරා මහතා සමාව අයැදීමට තමා ඇමතූ බවත් එය වචන ලිස්සා යාමක් පමණක් මිස මතකයේ ගැටලුවක් නොවන බවයි.

    එමෙන්ම ධම්මික පෙරේරා මහතාට ලැබී ඇති දුෂ්කර වගකීම සම්බන්ධයෙන් තමා සුබපැතූ බවත් මුලින් මෙම කරුණු කාරණා අවසන් කිරීමට අවධානය දෙමු යැයි තමා පැවසූ බවත් සනත් ජයසූරරිය මහතා එහි සටහන් කොට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.