fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය වෙළඳාමේ වැඩිවීමක්

    නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය වෙළඳාමේ වැඩිවීමක්

    ගතවූ වසරේ නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවේ මෙතම්ෆෙටමින් මත්පෙති බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට මෙය වාර්තාගත අගයක් වන අතර කලාපය තුල කෘත්‍රිම මත්ද්‍රව්‍ය වෙළඳාමේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

    එක්සත් ජාතීන්ගේ මත්ද්රවව්යශ හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් මැයි 30 වැනිදා නිකුත් කළ වාර්තාව මගින් මේ බව අනාවරණය වී ඇත.

    අදාල වාර්තාවට අනුව කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය – පහළ මීකොං කලාපයේ රටවල මෙතම්ෆෙටමින් නිෂ්පාදනය සහ ජාවාරම ඉහළයමින් පවතී.

    ගෝලීය ආර්ථිකය, කොරෝනා වසංගතය සමඟ දිගටම දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවතියද ඩොලර් බිලියන ගණනක කෘත්‍රිම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ සූක්ෂමව පවත්වාගෙන යාමට ආසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හැකිවී තිබේ.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අග්නිදිග ආසියා කලාපයේ නියෝජිතයා වන ජෙරමි ඩග්ලස් පවසන්නේ, “නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ මෙතම්ෆෙටමින් සහ කෘත්‍රි මත්ද්‍රව්‍ය වෙළඳාමේ පරිමාණය සහ ඊට ඇති ප්‍රවේශය ඉතා ඉහල වන අතර කලාපය මෙම තත්ත්වය වෙනස් නොකරන්නේ නම් සහ ඊට අවකාශය ලබාදෙන මූලීක හේතු ආමන්ත්‍රණය නොකරන්නේ නම් එය දිගටම ව්‍යාප්ත විය හැකිය” යනුවෙනි.

    සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය වැනි මෑත කාලීන දේශපාලන අස්ථාවර තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ඇති බවත් පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් දේශසීමා ප්‍රදේශවල බොහෝදුරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමට මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට සපහසු වී ඇති බව ඩග්ලස් පැවසීය.

    එමෙන්ම මේ වන විට මෙතම්ෆෙටමින්වල මිල පහත වැටීමද එම මත්ද්‍රව්‍ය පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වීමටද හේතුවී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

    මේ අතර මැලේසියාවේ සහ තායිලන්තයේ අග්නිදිග ආසියාවේ මෙතම්ෆෙටමින් මිල අඛණ්ඩව පහත වැටීමක් සිදුවන බවත් එම මත්ද්‍රව්‍යවල සංශුද්ධතාවය ඉහළ මට්ටමක පැවතීම අඩු මිලකට ලබා ගැනීමේ හැකියාවක්ද නිර්මාණය වී ඇති බවද ඩග්ලස් පවසයි.

    “සංවිධානාත්මක අපරාධ කල්ලිවලට මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දිගටම වර්ධනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය පවතිනවා. එහිදී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ගැලපෙන භූමි ප්‍රදේශය, පහසුවෙන් රසායනික ද්‍රව්‍ය ලබා ගැනීමේ ඇති හැකියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට හැකි ක්‍රමවේද පවතිනවා. ඒ අතර මෙම මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාව පවතින ජනගහනයක්ද මෙම කලාපයේ සිටිනවා.” යනුවෙන්ද ඩග්ලස් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.