fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව විවෘත වෙයි

    රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව විවෘත වෙයි

    රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව තුවා (Тува) ප්‍රාන්තයේ ක්‍රිසිල් Kyzyl හි ඉදිකොට විවෘත කර ඇත.

    තුවා ප්‍රාන්තය රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ ජනගහණය ජීවත් වන ප්‍රාන්ත අතළොස්සෙන් එකකි.

    මෙම ප්‍රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත. මෙහි උස මීටර් 16ක් වන අතර බර ටොන් 26ක් වන බව සඳහන් වේ.

    පද්මාසනයක මේ ප්‍රතිමාව වැඩ හිඳී. එය ඉදිකර ඇත්තේ යෙනිසෙයි (Енисей) ගංඟා නිම්නයේ මනරම් භූමියක යි.

    රුසියානු මූර්ති ශිල්පී විතාලි ෂැනොව් මෙම ප්‍රතිමාව නිර්මාණය කළ බව සඳහන් වෙයි.

    තෙමඟුල සමරන වෙසක් මස මෙවන් පුවතක් අසන්නට ලැබීම සතුටක් බව ඒ සම්බන්ධයෙන් සටහනක් තබමින් එරට වෙසෙන වස්කඩුවේ සිරි සරන ස්වාමීන් වහන්සේ සටහනක් තබා තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.