fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් - 21ක් මරුට

    ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 21ක් මරුට

    ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක 18 හැවරිදි ‍නව යෞවනයකු සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මර්ණයට පත්ව තිබේ.

    අදාල වෙඩි තැබීම සිදුකල තැනැත්තා සැල්වඩොර් රමොස් ලෙස හඳුනාගෙන ඇති අතර ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
    මෙම වෙඩික්කරු සිය මිත්තනියට වෙඩා තබා ඇති බවත් ඇගේ තත්ත්වය බරපතල බවට රෝහල් ආරංචි මර්ග සදහන් කරන බවද සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

    ටෙක්සාස් ආරක්ෂක අංශ පවසන පරිදි වෙඩි තැබීම සිදුකල තැනැත්තා සිය මිත්තනියට වෙඩි තැබීමෙන් අනතුරුව සිය රථය පාසලේ ගේට්ටුවෙ ගැටී තිබේ. පසුව රථයෙන් පිටිතට පැමිණි ඔහු පාසලේ පන්ති කාමර වෙත ඇතුළු වී වෙඩි තබා ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මෙම වෙඩි තැබීම ඇමරිකාවේ 2022 වර්ෂයේ ප්‍රාථමික පාසලක සිදුවූ 30 වැනි වෙඩි තැබීම වේ. ඇමරිකාව තුල ලිහිලි ගිණි අවි නීතයක් පවතින අතර එරට ඕනෑම වැඩිහිටියෙකුට ගිණි අවියක් ලබා ගැනීමට හැකියාව පවතී.

    ඇමරිකාවේ ගිනි අවි නීතය දැඩි කිරීමට උත්සහ කළද ඇතැම් දේශපාලඥයින් එරට තුල ගිණි අවි තහනම් කිරීමට විරෝධය පළකරන අතරම එමගින් සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීමටද ඔවුන් කටයුතු කරමින් සිටී.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.