ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්දයෙන් කෙරන විමර්ශනවලට අදාලව පොලිස්පතිවරයාගේ දුරකතන විශ්ලේෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුවය.
පොලිස්පතිවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් කටඋත්තරවල සඳහන් කරුණු පර්යේෂණාත්මක සාක්ෂි මගින් තහවුරුකර ගැනීමට ඔහු භාවිතා කරන දුරකතන පරීක්ෂා කිරීමක් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුතුරු සඳහන් කළේය.