අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු, කුලී ත්‍රීවිල් ගාස්තු, කොත්තු රයිස් සහ බත් පැකට්වල මිල ඉහළ දමා තිබේ.
බස් ගාස්තු සියයට 19.5කින් ඉහළ දමා ඇත.
ඒ අනුව අවම බස් ගාස්තුව දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි.
මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද (24) දිනයේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අනුමැතිය හිමිව ඇත.
මේ අතර කුලී ත්‍රීරෝද රථ ආරම්භක ගාස්තුව රුපියල් 100 ක් ලෙසත් ඊළඟට වැඩි වෙන සෑම කිලෝමීටරයකට රුපියල් අසූවක් ලෙසත් ඉහළ ගොස් තිබේ.
මේ අතර කොත්තු රයිස් බත් පැකට්වල මිල ද 10%කින් ඉහළ දමා ඇත.
අද අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කා සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමග මෙලෙස ගාස්තු සංශෝධනයකට යොමු වී ඇත.