fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති සහ පක්ෂ 10 කණ්ඩායම අතර අද සාකච්ඡාවක්

    අගමැති සහ පක්ෂ 10 කණ්ඩායම අතර අද සාකච්ඡාවක්

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

    මේවනවිට රටතුළ පැන නැගී තිබෙන දේශපාලනික,සමාජ හා ආර්ථික අර්බුදයන් විසඳීමට ගතහැකි තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේවෙතත් රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට අග්‍රාමාත්‍යවරයා ගනුලබන තීන්දු තීරණවලට සහය පළකිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 මේවනවිටත් තීන්දු කර තිබේ.

    එම පක්ෂ නියෝජිතයන් ඊයේ (15)පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.