fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අගමැති ත්‍රි'මලේට ගෙනගිය හේතුව ආරක්ෂක ලේකම් කියයි

    හිටපු අගමැති ත්‍රි’මලේට ගෙනගිය හේතුව ආරක්ෂක ලේකම් කියයි

    ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ත්‍රිකුණාමලය නාවික තටාකාංගය වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කළේය.

    ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය.

    අරලියගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි රැඳීසිටීම සුදුසු නොවූ බැවින් එසේ ඔහුව ආරක්ෂාව සදහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව කමල් ගුණරත්න මහතා කීය.

    හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගියේ තාවකාලිකව බවත් පවතින තත්ත්වය යහපත් වූ පසු හිටපු අග්‍රාමාත්‍යවරයා ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.