fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඒකාබද්ධ වර්ජනය ඉවරයි

    ඒකාබද්ධ වර්ජනය ඉවරයි

    රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් පවසයි.

    ගාලුමුවදොර මේ වනවිටත් ක්‍රියාත්මක ගෝඨාගෝගම අරගලයට පසුගියදා(09) පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

    හෙට (12) සිට සියලුම සේවා සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කීය.

    කෙසේ වෙතත්, 2022 මැයි 13 සිකුරාදා පස්වරු 02.00 සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සඳහා කොළඹ පිහිටි ජනාධිපති නිල නිවස වටලන බව සමරසිංහ මහතා පැවසීය.

    සිකුරාදා සිට ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තුරු වෘත්තීය සමිති අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.