fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති තෝරද්දී ක්‍රියාකාරි භූමිකාවක් ඉටුකරන්න හිටපු අගමැති රටේ ඉන්නවා - නාමල්

    අගමැති තෝරද්දී ක්‍රියාකාරි භූමිකාවක් ඉටුකරන්න හිටපු අගමැති රටේ ඉන්නවා – නාමල්

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රටින් පලායාමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රංශ පුවත් සේවයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ රාජපක්ෂ පවුල රට හැරයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර ගියද එසේ සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට ආරක්ෂිත ස්ථානය රැදී සිටින බව ඔහු කීය.

    ‘අපි යන්න හදනවා කියලා කටකතා ගොඩක් තියෙනවා. අපි රට දාලා යන්නේ නැහැ. මගේ පියා ආරක්ෂිතයි, ඔහු ආරක්ෂිත ස්ථානයක සිටින අතර ඔහු පවුලේ අය සමඟ සම්බන්ධතාවය පවත්වනවා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සදහන්කර සිටියේ සිය පියා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවනු ඇති බවත් ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ය.

    ශ්‍රී ලාංකිකයන්ට විරෝධතා දැක්වීමට අයිතියක් ඇතැයි සිය පවුලේ අය‍ගේ විශ්වාසය බව පවසන නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ “අපි හැමවිටම අපේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.