fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාගෝග‍ම රත්වෙයි - කඳුළු ගෑස් ජලප්‍රහාර මැද්දේ 9ක් රෝහලට

    ගෝඨාගෝග‍ම රත්වෙයි – කඳුළු ගෑස් ජලප්‍රහාර මැද්දේ 9ක් රෝහලට

    ගෝටාගෝගම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ගාලුපාර වසා දමා ඇතැයි වාර්තා වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගාලු මුවදොරට ඇතුළු වී එහි සිටි විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවීමත් සමඟ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

    මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉවත් නොවන ලෙස බල කරමින් පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු ආධාරකරුවන් පිරිසක් අගමැතිවරයා හමුවීමෙන් පසුව අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන් සිටි ස්ථානයට ගොස් තිබුණි.

    එහි දී දෙපාර්ශ්වය අතර ගැටුම්සහගත තත්ත්වයක් මතුවූ අතර පොලීසිය එම පිරිස විසුරුවා හැරීමට දැඩි පරිශ්‍රමයක නිරත විය.

    ඉන්පසුව මෙම ආධාරකරුවන් පිරිස ගාලුමුවදොර විරෝධතාකරුවන් රැදී සිටින ස්ථානයට ගියහ.

    එහිදී ගෝඨාගෝගමේ තිබූ තාවකාලික අට්ටාල ආදිය කඩා බිඳ දමමින් ආධාරකරුවන් හා විරෝධතාකරුවන් ගැටීම නිසා පොලීසිය විසින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.

    කෙසේවෙතත් මෙම ගැටුම්වලින් තුවාල ලැබූ 9 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.