fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අප්‍රිකානු කලාපයේ ලොකුම ඉන්ධන නිෂ්පාදකයාටත් තෙල් මිල දරාගන්න බෑ

    අප්‍රිකානු කලාපයේ ලොකුම ඉන්ධන නිෂ්පාදකයාටත් තෙල් මිල දරාගන්න බෑ

    නයිජීරියානු ගුවන් සේවා විසින් එරට අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කරනු ලැබ තිබේ.
    මේවන විට නයිජීරියාවේ ගුවන්යානා ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ මෙම තීරණය ගනු ලැබ ඇති බව එරට ගුවන් සේවා සමාගම් එකමුතුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව මෙම වසර තුලදී එරට ගුවන්යාන ඉන්ධන මිල හතර ගුණයකින් ඉහළගොස් ඇත. මෙම තත්ත්වය මත තමන්ට සිය මෙහෙයුම් කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවද අදාල එකමුතුව පෙන්වාදෙයි.

    මෙම ඉන්ධන මිල ඉහළයාමට මූලික හේතුව වී ඇත්තේ රුසියාව විසින් යුක්‍රේණය ආක්‍රමණය කිරීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුමට ඇතිව තිබෙන බලපෑමයි.

    නයිජීරියාව තුල ගුවන් සේවා සමාගම් නමයක් විසින් එරට අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර පසුගිය කාලය තුලද දැඩි අභියෝග මැද සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබ තිබේ.

    අප්‍රිකානු කළාපය තුල විශාලතම ඉන්ධන නිෂ්පාදකයා නයිජීරියාව වුවද එරටට අවශ්‍ය කරනු ලබන ගුවන්යානා ඉන්ධන ආනායනය කරනු ලබයි. මේ සම්බන්ධයෙන් එරට දේශපාලන බල අධිකරිය සමඟ සාකච්ඡා කළ බවත් මිල ඉහළයාමේ මගීන් මත පැටවීමට තමන්ට නොහැකි බවද එම සමාගම් පෙන්වා දෙයි.
    කෙසේවෙතත් එරට ජාත්‍යන්තර ගුවන් ගමන්සේවා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවද එම එකමුතුව විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.