කැලණිය වරාගොඩ පාරේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු කණ්ඩායමක් නිවෙස් හිමියාට පහරදී ඝාතනයකර රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු 05ක් කොල්ලා ඇත.
කැලණිය පොලීසිය සඳහන් කරනුයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මුදල් පොලියටදීමේ ව්‍යාපාරයක නිරතව සිටින 63 වන වියේ පසුවන්නෙක් බවය.
කොල්ල කා ඇත්තේද උකසට ගත් ඔප්පු බැවින් මෙම ඝාතනය හා කොල්ලකෑ ඔප්පු අතර සම්බන්ධයක් ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.