fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාවෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

    රුසියාවෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

    රුසියාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.

    ඒ අනුව එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට නවීන අවි ඇතුළු යුද අධාර ලබාදීම යුක්‍රේනයේ පවතින ගැටුම් තවදුරටත් වර්ධනය කරනු ඇති බවත් එමඟින් තවත් ජීවිත හානි රැසක් සිදුවනු ඇති බවත් ඇමරිකාව රුසියානු තානාපතිවරයා අනතුරු අඟවා ඇත.

    තානාපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තෙ රුසියානු රජයේ රූපවාහිනි නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිණි.

    “ඇමරිකාව සිදුකරනු ලබන්නෙ ඇවිලෙන ගිණ්නට පිදුරු දැමීමක්. මම දකින්නේ මෙයින් තත්ත්වය තවත් උත්සන්න වීම සිදුවන බවයි.” යනුවෙන්ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

    මෙහීදී තානාපතිවරයා විසින් එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට අවි සැපයීම සම්බන්ධයෙන්  රුසියාව දරණ මතය පිළිබඳ ඇමරිකානු රජය ලිඛිතව දැනුම්වත් කර තිබේ.

    කෙසේවෙතත් තමාගේ ලිපියට තවමත් ඇමරිකානු රජය විසින් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.

    මේ අතර එක්සත් ජනපද රාජ්‍ය  සහ ආරක්ෂක ලේකවරුන් යුක්‍රේනයේ ඉකුත් ඉරිදා සංචාරයක නිරතව තිබේ.

    එහිදී ඔවුන් යුක්‍රේන ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තෙ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 322ක යුද ආධාර ලබාදීමට ඇමරිකාව පියවර ගන්නා බවයි.

    ඒ අනුව මේවන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ගැටුම් ආරම්භයත් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක යුද ඇතුළු ආධාර ලබාදී ඇති බව රොයිටර් පුවත්සේවයේ වාර්තා කරයි.

    මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තෙ තමන් තවදුරටත් යුක්‍රේනයට ආධාර ලබාදෙන බවත් ඊට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.