fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින 90කින් ඖෂධ හිඟයට පිළියම්

    දින 90කින් ඖෂධ හිඟයට පිළියම්

    දින 90 ක් ඇතුළත ඖෂධ හිගයට පිළියම් යොදන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හිග ඖෂධ ආනයනය සදහා ඩොලර් මිලියන 30 ක් ලබාදීමට තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර ඉල්ලා ඇති අතර ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

    හිඟ ඖෂධ ආනයනය කිරීම සදහා ණයවර ලිපි නිකුත් කිරීම අරඹා ඇතැයි ද වාර්තා වේ.

    ඖෂධ හිඟය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට සෑම පියවරක්ම ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් ද පරිත්‍යාග ලෙස හිඟ ඖෂධ වර්ග මෙරටට ලබාදීමට ක්‍රියාකරමින් සිටි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.