fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාවේ රිය අනතුරු පැරදූ ගිනිඅවි

    ඇමරිකාවේ රිය අනතුරු පැරදූ ගිනිඅවි

    ඇමරිකා එක්සත් ජනපදය තුල 2020 වර්ෂයේදී ළමුන් සහ නව යෞවනයන්ගේ මරණවලට වැඩිම හේතුව වී ඇත්තේ ගිනි අවි ආශ්‍රිත සිදුවීම බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඇමරිකාවේ රෝග පාලන සහ නිවරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වලට අනුව 2020වර්ෂයේ ළමුන් සහ නව යොවුන් වියේ පසුවන ඇමරිකානුවන් 4300ක් ගිණි අවි හේතුවෙන් ඇතිවූ අනතුරු වලින් මරණයට පත්ව තිබේ.

    එහිදී ඇමරිකාවේ 2020 වර්ෂයේ සිදුවූ මිනී මැරුම් වලින් බුහුතරයක් වෙඩිතැබීම් වලින් සිදුව ඇති බවටද දත්ත විශ්ලේෂණයේදී අනාවරණය වේ.

    නිව් ඉන්ග්ලන් ජර්නල් වෛද්‍ය සඟරාවේ මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව – වයස අවුරුදු එකත් 19ත් අතර ඇමරිකානුවන් අතර තුවක්කු ආශ්‍රිත මරණ වැඩිමක් අනවරණය වන අතරම ඇමරිකාව පුරා ගිනි අවි ආශ්‍රිත ඝාතනවල සමස්ත 33.4% වැඩිවීමක්ද පෙන්නුම් කරයි.

    මිනීමැරුම්, තරුණ ඇමරිකානුවන්ට අසමාන ලෙස බලපාන බව අධ්‍යයනය සඳහන් කරන අතර එම කාලය තුළ එක්සත් ජනපදයේ ගිනි අවි සියදිවි නසාගැනීම් අනුපාතය 1.1% කින් ඉහළගොස් තිබේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ සෑම නිවැසියන් ලක්ෂයකට තුවක්කු ආශ්‍රිත මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවද අදාල සමීක්ෂණයෙන් අනාවරණයවේ. එහිදී පිරිමි මෙන්ම කාන්තාවන් ආශ්‍රිතවද මරණ අනුපාතය ඉහළ ගොස් තිබේ.

    මෙහිදී වැඩිම ප්‍රතිශතයකින් මරණ අනුපාතය ඉහළ ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ වෙසෙන කළු ජාතිකයින් අතර බවවද එම ප්‍රතිශතය 2019ට සාපෙක්ෂව සැලකිය යුතු මට්ටමකින් ඉහළගොස් ඇති බවද අනාවරණය වේ.

    මීට පෙර වසර වලදී ඇමරිකාවේ තරුණ ප්‍රජාව මරණය පත්වීමේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ රිය අනුතුරු වුවත් මේවන විට එය අභිබවා යමින් ගිණි අවි ආශ්‍රිත මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අදාල සමීක්ෂණය සිදුකළ පිරිස් පේනවා දෙයි.
    ඒ අනුව 2020 වර්ෂයේදී ආසන්න වශයෙන් වයස අවුරුදු 19 ට අඩු ඇමරිකානුවන් 3,900 ක් පමණ වාහන අනතුරු වලින් මිය ගියහ. අතර 2019 සහ 2020 අතර මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව සහ විෂවීම් 83.6% කින් ඉහළ ගොස් ඇති අතර දැන් එම වයස් කාණ්ඩයේ මරණ සඳහා තුන්වන ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බවද සමීක්ෂකයින් සඳහන් කරයි.
    2020 දී කොරොන් වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදයේ තුවක්කු ප්‍රචණ්ඩත්වය වැඩි වී ඇත. කෙසේ වෙතත් මෙලෙස ගිණි අවි භාවිතය වැඩිවීමට හේතුව තවමත් අපහැදි බවද එම සමීක්ෂණයන් වැඩිදුරටත් සඳහන් කරයි.

    ලෙව වැඩි වශයෙන්ම ගිණි අවි භාවිතා කරන රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය වන අතර එරට සිවිල් වැසියන් නීතයෙන් ගිණි අවියක් ලඟ තබා ගැනීමට අවසර හිමිවන අතර එය තහනම් කිරීමට උත්සහ කළද බොහොමයක් දේශපාලඥයින් එම තහනමට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් ගිනි අවි පාලනය කිරීමට ඇමරිකාව අසමත්ව තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.