fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සර්ව ආගම් එක්වූ පාස්කු ප්‍රහාරයේ අනුස්මරණය

    සර්ව ආගම් එක්වූ පාස්කු ප්‍රහාරයේ අනුස්මරණය

    පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ අනුස්මරණය ඊයේ(21) වැනිදා සවස හලාවත පොදු සුසාන භූමියේදී සහ නගරයේදී පැවැත්වුණි.

    එම අනුස්මරණය අතරතුර ඊට සහභාගි වූ ඉස්ලාම් භක්තිකයින් එදිනට නියමිත ඉෆ්තාර් මෙහෙය පැවැත්වීමද විශේෂත්වයක් විය.

    කතෝලික,මුස්ලිම් සහ හින්දු ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම අනුස්මරණය පවත්වන ලදි.

    පස්කු ප්‍රහාරයේදී කටුවාපිටිය දේවස්ථානයේදී මියගිය අය අතර හලාවත පදිංචි මවක් සහ දියණියන් දෙදෙනෙකුද වෙති.

    ඔවුන්ගේ දේහයන් මිහිදන් කර ඇත්තේ හලාවත පොදු සුසාන භූමිය තුළය.

    සැමරුම් උත්සවයට පැමිණි බොහෝ දෙනෙකු මව සහ දරුවන් දෙදෙනා මිහිදන් කර ඇති ස්ථානයට ගොස් පුෂ්පෝපාර දක්වන්නට විය.

    මෙම පාස්කු අනුස්මරණය පැවැත්වෙන අතරතුර එම අවස්ථාවට සහභාගි වෙමින් සිටි ඉස්ලාම් භක්තිකයින් එදිනට නියමිත රාමසාන් උපවාසය අවසන් කරමින් ඉෆ්තාර් මෙහෙයකට ද සහභාගි විය.

    පාස්කු සැමරුම සංවිධානය කර තිබූ පිරිස විසින්ම මෙම ඉෆ්තාර් මෙහෙය සංවිධානය කර තිබුණි.

    අනතුරුව පිරිස හලාවතනගරය දක්වා පා ගමනින් ගමන් කර නගරයේ ස්ථාපනය කර ඇති නගර ආරක්ෂක දේව ප්‍රතිමාව ඉදිරිපිට දේව මෛහෙයක්ද පවත්වන ලදි.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.