fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරු නිර්පාක්ෂික වේශයෙන් ගෝල්ෆේස් ආ අය ගැන දේ.එ.ජා.ප.ය කියයි

    බොරු නිර්පාක්ෂික වේශයෙන් ගෝල්ෆේස් ආ අය ගැන දේ.එ.ජා.ප.ය කියයි

    යහපාලනය නමින් පෙනී සිටි දුර්දාන්ත පාලනය නැවත බලයට කිරීම සඳහා පෙනී සිටි බලවේග ව්‍යාජ නිර්පාක්ෂික වේශයකින් ගෝල්ෆේස් පිටියේ සැණකෙළියක් පවත්වන බව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පටු වාද භේද අමතක කොට, මාතෘ භූමියේ නාමයෙන් සමගිව, අත්වැල් බැඳගන්නා යැයිද ව්‍යාජ බලවේග පරාජය කරන්නැයිද සියලුම නායකයින්ගෙන් හා දේශ ප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මේ මොහොතේ සිදු කළ යුත්තේ ඇමරිකානුවාගේ මුහුණේ හැඩ බැලීම හෝ ඩයස්පොරාවේ සටන් පාඨය වන මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න සාක්ෂාත් කිරීම හෝ නොව මව්බිම රැකගැනීම සඳහා කොන්දේසි විරහිතව අත්වැල් බැඳ ගැනීම බව ද සුගත් හේවාපතිරණ මහතාගේ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.