fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායාලයේ 'අයන් ඩොම්' වෙනුවෙන් 'අයන් බීම්'

    ඊශ්‍රායාලයේ ‘අයන් ඩොම්’ වෙනුවෙන් ‘අයන් බීම්’

    ඊශ්‍රායලය විසින් නවතම අධි තාක්ෂණික ලේසර් මිසයිල නාශක ආරක්ෂණ පද්ධිතයක් සාර්ථකව අත්හදා බලා ඇති බවට එරට ආරක්ෂක අංශ නිවේදනය කරයි.

    ඒ අනුව මෙම නව ආරක්ෂණ පද්ධතියෙන් මෝටර් ප්‍රහාර, රොකට් ප්‍රහාර සහ යුධ ටැංකි නාශක මිසයිල ප්‍රහාර පවා වලක්වා ගැනීමට හැකියාව පවතින බවද ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් පවසයි.

    ඊශ්‍රායාලයේ මෙම නව මිසයිල ආරක්ෂණ පද්ධතිය අයන් බීම් ලෙස නම් අකර ඇති අතර එය එරට මෙතක් භාවිත කළ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය වෙනුවට යොදා ගැනීමට අපෙක්ෂා කරන බවද එරට අග්‍රාමත්‍යවරයා සඳහන් කරයි.

    ‟මේක එකපාරටම විද්‍යා ප්‍රබන්ධයක් වගේ හැඟෙන්න පුළුවන් ඒත් මේක සත්‍යක්.” යනුවෙන්ද ඊශ්‍රායාල අග්‍රාමත්‍යවරයා සඳහන් කර ඇති.

    මෙම නව අයන් බීම් මියසිල ආරක්ෂණ පද්ධතියට කිසිඳු හඬක් නැගීමකින් තොරව සතුරු මිසයිල ප්‍රහාර වැලැක්වීමට හැකියාවක් පවතී. එසේම මෙම ලේසර් කදම්බ මිනිස් ඇසට එකවරම දැක ගැනීමට නොහැකි බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි. මෙම නව මිසයිල ආරක්ෂණ පද්ධතියට එක් මිසයිල ප්‍රහාරයක් වලක්වා ගැනීමට ඇමරිකානු ඩොලර් 3යි සත 50ක මුදලක් පමණක් වැය වන බවද අග්‍රාමත්‍යවරයා පවසයි.

    අදාල මිසයිල ආරක්ෂණ පද්ධතිය ගොඩබිම, ගුවනේ සහ මුහුදේ ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් නිපදවා ඇති අතර ඉදිරි දශකය ඇතුළුතදී ඊශ්‍රායල දේශ සීමා පුරා ස්ථාපති කිරීමට නියමිත බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

    ඊශ්‍රායලය විසින් මේවන විට එරටට එල්ල වන රොකට් සහ මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය යොදා ගනී. එහි සියයට 90ක සාර්ථකත්වයත් පවතින බව ඊශ්‍රායලය පවසන අතර පසුගිය කාලයේදී පලස්තීනය දෙසින් එල්ලවූ රොකට් ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වීමට එයට හැකියාව ලැබිණි.

    කෙසේ වෙතත් දැනට භාවිතා වන අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය මිල අධික වන අතර එමගින් එක් මිසයිල හෝ රොකට් ප්‍රහාරයක් වැලැක්වීමට විශාල මුදලක් වැයවේ. ඒ අනුව මෙම නව ලේසර් ආරක්ෂණ පද්ධතිය ඉතාම සාර්ථක වනු ඇති බවට මත පළවේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.