fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානම් - අගමැති

    ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානම් – අගමැති

    සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙයි.

    ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.

    මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.