fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රීලංකන් සමඟ ඉන්දීය ප්‍රමුඛ කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් දිවයිනට

    ශ්‍රීලංකන් සමඟ ඉන්දීය ප්‍රමුඛ කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් දිවයිනට

    ශ්‍රීලංකන් ගුවන් සේවය එහි විශාලතම වෙළඳපොළ වන ඉන්දියාව තුළ සම්බන්ධතා ශක්තිමත් කිරීමට අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ අරමුණින් ඉන්දියාවේ  කලාකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසකට ගුවන් සේවා සත්කාරකත්වය ලබාදෙන ලදී. මෙම කණ්ඩායම පසුගිය 2022 මාර්තු මස 26  දින කොළඹට ලඟා වූ අතර ශ්‍රී ලංකාවේ සුන්දර පාරිසරික හා සංස්කෘතික අංග නරඹමින් මෙන්ම දේශීය සුඛෝපබෝගී ආගන්තුක සත්කාරය අත්විඳිමින් දින හයක් දිවයින පුරා සංචාරය කරන ලදී.

    ශ්‍රී ලංකාවට ඉහළම ආදායමක් ලබාදෙන වෙළෙඳපොළක් වන ඉන්දියාවේ සිට සංචාර ප්‍රබෝධමත් කරමින් රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රීලංකන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. 2022 මාර්තු 27 වන දින වාණිජ ගුවන් ගමන් සඳහා ඉන්දියානු අහස නැවත විවෘත වූ අතර, මෙම අලෙවිකරණ ක්‍රියාකාරකම් ඉන්දියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සිදුකරන කාලෝචිත පියවරකි.

    දිවයිනට පැමිණි මෙම කණ්ඩායමට Avika Sameer Gor (famous celebrity best known for playing Anandi in Indian Television History), Gehna Haresh Sippy (Tollywood celebrity), Apoorva Srinivasan Aringundrum (vlogger from MySouthDiva.com), Shweta Sharma or Ruhani Sharma (Tollywood celebrity) and Tanya Hope (Telugu, Tamil & Kannada Celebrity) ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ සිට ඔවුන්ගේ සංචාරක අත්දැකීම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකා හරහා ඉන්දියාවේ සිටින දහස් ගණන් අනුගාමිකයින් වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම කණ්ඩායම ඔවුන්ගේ නවාතැන  සඳහා Cinnamon Bentota Beach Resort හි වෙන් කරවා ගත් අතර, එහි අවට දර්ශනීය ගමනාන්ත වෙත  සහ ගාල්ල ප්‍රදේශයේ ද සංචාරය කරන ලදී. තවද, MySouthDiva ශ්‍රී ලංකාව පසුබිම් කරගනිමින් ඔවුන්ගේ වාර්ෂික කැලැන්ඩර රූගත කිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්  ඔවුන්ගේ සංචාරක සහකරු වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවි  ප්‍රධානී සමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. “ඉන්දියාව අපගේ විශාලතම වෙළඳපොල වන අතර වසර දෙකකට පසු ඉන්දියානු අහස විවෘත වීමත් සමඟ, අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ නැගීසිටීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ මෙවැනි කීර්තිමත් කණ්ඩායමකට සත්කාරකත්වය දැක්වීම ගැන අපි ආඩම්බර වෙනවා. එය තවත් බොහෝ දෙනෙකුට මෙම මාවත අනුගමනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ සංචාර සැලසුම් කිරීමට පෙළඹෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුටත් පැවසීය.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.