fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය භාවිතය පරෙස්සමෙන් - ජල විදුලි ජනනය තවත් අඩුවෙයි

    විදුලිය භාවිතය පරෙස්සමෙන් – ජල විදුලි ජනනය තවත් අඩුවෙයි

    ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අද වන විට ඉතා සීඝ්‍රයෙන් තවදුරටත් පහත බැස ගොස් ඇතැයි ද එම නිසා ජල විදුලි විදුලිය ජනනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇතැයි ද විදුලි බල අමාත්‍යංශය කියයි.

    එම නිසා විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    කාසල්රි ජලාශයේ ජල මට්ටම මීටර් 15ක් පමණ දක්වා ද දක්වාද මාඋස්සාකැලේ ජලාශය දක්වා ද මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මීටර් දහතුන13ක් දක්වා ද දක්වාද සමනල වැව ජලාශයේ ජල මට්ටම මීටර් 25 ක් දක්වාද කොත්මලේ ජලාශයේ ජල මට්ටම මීටර් 24 ක් දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මීටර් 27ක් දක්වා ද ආදී වශයෙන් ඉතා පහත ගොස් ඇතැයි ද විදුලිබල අමාත්‍යාංශය කියයි.

    මහවැලි ජලාශවලින් පානය පානීය ජල අවශ්‍යතාවලට සහ කෘෂිකාර්මික කටයුතුවලටත් ජලය මුදාහැරීමට සිදුවීම නිසා විදුලි ජනනය තවදුරටත් සීමා වන බව ද එම නිසා ඉතා අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අමාත්‍යාංශය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.