fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෛත්‍රීගේ පැජට් පාරේ නිල නිවස ගැන උසාවි නියෝගයක්

    මෛත්‍රීගේ පැජට් පාරේ නිල නිවස ගැන උසාවි නියෝගයක්

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැජට් පාරේ පිහිටි නිල නිවස ස්ථීර පදනමක් මත ලබාදීමට යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත්‌ කර තිබේ.

    මෙම නිල නිවස සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී නිල නිවස ලෙස භාවිත කළ නිවස වන අතර ඔහු ධුරයේ කටයුතු කරද්දී අමාත්‍ය මණ්ඩලයේදී අනුමත කර ගැනීම සම්බන්ධයෙන් එවකට සමාජය තුළ දැඩි විවේචනයට ද ලක්විය.

    එමෙන්ම අමාත්‍යවරුන් දෙදෙනෙකුට සිටීමට යාබද නිවෙස් දෙකක් ලෙස තිබූ එම නිවස ජනාධිපති නිල නිවස වශයෙන් ප්‍රතිසංස්කරණය සඳහා ඉල්ලා තිබූ රුපියල් මිලියන 180ක මුදලක් පිළිබඳව එවක දැඩි ලෙස කතබහට ලක් විය.

    මේ සඳහා අනුමැතිය හිමි වූයේ 2019 ඔක්තෝබර් 15 වන දා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ සංදේශයකට අනුවය.

    1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරියකට නිල නිවසක් සින්නක්කරව හිමි නොවේ.

    එම නිල නිවස හිමි වන්නේ, ජනාධිපති ධුරයේ කටයුතු කළ සැමියා හෝ බිරිද අතරින් පසුව මිය යන තැනැත්තා ජීවත් වන තුරු පමණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.