fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැය 72ක් දෙන්නම්.. වහාම විසඳුම් දෙන්න.. - PSUNU

    පැය 72ක් දෙන්නම්.. වහාම විසඳුම් දෙන්න.. – PSUNU

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

    ඒ මෙතෙක් නොවිසඳුණු ගැටලු 6ක් පිළිබඳ රජයට විරෝධය පළකරමිනි.

    එබැවින් පැය 72ක් ඇතුළත පහත ඉල්ලීම් ඉල්ලීම් ලබා නොදුනහොත් නැවත දැනුම් දීමකින් තොරව දිවයින පුරා හෙද කාර්යමණ්ඩලය දැඩි විරෝධතාවයක නිරත වන බවද එම සංගමයේ දන්වා සිටි.

    එනම් හෙද සේවාවට බලපාන සේවා අයිතීන් පිළිබඳ සංගමයෙන් කරුණු නොවිමසා අත්තනෝමතිකව කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම, දින 5 සතිය ක්‍රියාත්මක කිරීම, 2014 – භාණ්ඩාගාර ලේකම්ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම, යෝජිත නිල ඇඳුම් දීමනාව ලබාදීම, පශ්චාත් ප්‍රාථමික හෙද අධ්‍යාපනය හැදෑරූ හෙද සොයුරියන් සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් සඳහා නියමිත තනතුරු සහ වැටුප් තලයන් ලබාදීම, හෙද අධ්‍යක්ෂිකාවන් සඳහා වැටුප් තලයන් සහ අමතර සේවා දීමනාව ලබාදීම යන ඉල්ලීම් රාජ්‍ය සේවා සේවා හෙද සංගමය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් වේ.

    හෙද සේවයට බෙහෙවින් බලපාන සේවා ඉල්ලීම් 7ක් ජනාධිපතිවරයාගේ නියමය පරිදි විසඳුම් ලබාදීමට මහා භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී ඇතත් මේ දක්වා ම ඇතැම් ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය චෝදනා කරයි.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.