ඉන්ධන මිළ ඉහල දැමීම හා ඩොලරයේ අගය වැඩිවීම මත ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ද සිය ප්‍රවාහන ගාස්තු මිළ සූත්‍රය යාවත්කාලීන කරන දෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබේ.
පසුගිය 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රු. 55/- කින් ඉහල යාම හා පසුගිය 07 වන දින ඩොලරයේ අගය 30% කින් වැඩිවීම මත සියළුම දෑ වල මිළ ඉහල යාම මත සිය ප්‍රවාහනකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
කරුණු එසේ හෙයින් ඊයේ (12) වන දින සිට ඉන්ධන මිළ ඉහල යාම සමග අනෙකුත් භාණ්ඩ වල මිළ මේ වන විට 100 % කින් පමණ වැඩි වී ඇති අතර, ප්‍රවාහන ගාස්තු මිළ සූත්‍රයට අදාලව අනෙකුත් ද්‍රව්‍ය ( ටයර්, ටියුබ්, බැරී, වාහන අමතර කොටස්, ලිහිසි තෙල්, වාහන සේවා, සේවක වැටුප්) වල මිළද ඉහල ගොස් ඇති බැවින් මේ වන විට 60% ක ප්‍රවාහන ගාස්තු මිළ සංශෝධනයක් ලබා දෙනු ඇතැයි සිය සාමාජිකයන් බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා සිටි.
මෙම කරුණ හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා අප හට දින 02 ක් තුල සංශෝධිත මිළ ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද එම සංගමය යොමු කළ ලිපියේ දැක්වේ.
මේ වන විට සිය ප්‍රවාහනකරුවන් සේවයට යෙදවීමට නොහැකි තත්වයක් ඇති බව අප වෙත දන්වා ඇති බවත් අපගේ ඉල්ලීම් මත ඉදිරියට දින 02 ක් ධාවන කටයුතුවල යෙදීමට කැමැත්ත පල කළ බවත් ඔවුහු දන්වා සිටිති.