fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාකිස්ථාන- ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය අස්සේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

    පාකිස්ථාන- ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය අස්සේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

    පාකිස්ථානයේ පේෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයත් සමඟ වසර 24කට පසුව එරට පැවැත්වෙන පාකිස්ථාන- ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියේ ඉදිරිය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

    මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියට පැමිණි පුද්ගලයින් 30 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති අතර තුවාල කරුවන්ගේ තත්ත්වයද බරපතල බවද පාකිස්ථාන ආරංචි මාර්ග පවසයි.

    අදාල ප්‍රහාරයත් සමඟ වසර 24කට පසුව පාකිස්ථානය සහ ඕස්ටේ්‍රලියාව අතර පාකිස්ථානයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඉදිරිය ගැනද දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන්  ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය දැඩි අවදානයෙන් පසුවන බවද සිඩ්නි මොර්නින් හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි.

    දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟා වලිනයට ආරක්ෂක නිලධාරීන් හාර දහසකට වඩා යොදා ඇති බවට වාර්තා වන අතරම තරඟාවලියේ ආරක්ෂාව සඳහා ස්නයිපර් වෙඩික්කරුවන්ද යොදා ගෙන ඇති බවටද වාර්තාවේ.
     
    2009 වර්ෂයේ පාකිස්ථානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පාකිස්ථානයේ තුල ක්‍රිකට් තරඟ පැවැත්වීම නවතා දැමූ අතර පසුව 2019 වර්ෂයේදී  යලිත් ටෙස්ට තරඟයක් පාකිස්ථානයේදී පැවැත්විණි. 

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.