fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් බැරලයේ මිල තවත් ඉහළට

    තෙල් බැරලයේ මිල තවත් ඉහළට

    වසර හතකට වැඩි කාලයක් තුළ දක්නට ලැබුණු ඉහළම මට්ටම වාර්තා කරමින් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.

    රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් කැළඹීමට පත්ව සිටින වෙලඳපොලවල් සන්සුන් කිරීම අරමුණු කරගත් නව පියවර නොතකා තෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇත.

    රුසියාව ලෝකයේ විශාලතම බලශක්ති නිෂ්පාදකයන්ගෙන් එකකි.

    හදිසි තොගවලින් තෙල් බැරල් මිලියන 60ක් නිදහස් කිරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකයින් එකඟ වීමෙන් පසුව පවා තෙල් මිල මෙලෙස ඉහළ ගොස් තිබේ.

    අමෙරිකාව සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් 30ක් ලොව පුරා බලශක්ති වෙළෙඳපොළ ස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස තෙල් නිකුත් කිරීමට එකඟ විය.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳ අර්බුදය, තෙල් හෝ ගෑස් සැපයුමට බලපෑම් එල්ල විය හැකි බවට ආයෝජකයින් අතර කනස්සල්ලක් ඇති කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.