fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙනගිය බසයේ වෙඩි උණ්ඩ 2ක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙනගිය බසයේ වෙඩි උණ්ඩ 2ක්

    ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් චන්දිගාර් පොලිසියේ නිලධාරීන් සොයා ගෙන තිබේ.

    ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් චන්දිගාර් හි ලලිත් හෝටලයේ සිට මොහාලි හි ආර් එස් බින්ද්‍රා ක්‍රිකට් ක්‍රීඩාංගනය දක්වා රැගෙන යාමට භාවිතා කරන පුද්ගලික බස් රථයක ගමන් මලු තබන කොටසේ තිබී සෙනසුරාදා සාමාන්‍ය පරීක්ෂාවකදී පොලිසිය විසින් මෙම වෙඩි උණ්ඩ දෙක සොයා ගන්නා ලදී.

    පොලිසිය මේවා සොයාගෙන තිබුණේ ලෝහ අනාවරක භාවිතා කරමින් බස් රථය පරීක්ෂා කිරීමේදීය.

    අයිටී පාර්ක් පොලිස් ස්ථානයට අයත් හෝටල් සංකීර්ණය තුළ බස් රථය නවතා තිබියදී මෙම සොයාගැනීම සිදුව ඇත.

    මේ පිළිබඳ පොලීසියේ මෙතෙක් මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව එරට වාර්තා පවසයි.

    මෙම පෞද්ගලික බස් රථය චන්දිගාර් සිට ක්‍රියාත්මක වන ටාරා බ්‍රදර්ස් වෙතින් කුලියට ගෙන ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම බස් රථය පසුගියදා විවාහ උත්සවයක් සඳහා කුලියට ගත් එකක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    තහනමක් තිබියදීත්, පන්ජාබ්හි විවාහ උත්සව අතරතුර වෙඩි තැබීම සාමාන්‍ය දෙයකි.

    පාවිච්චි කරන ලද කාට්රිජ් සොයා ගැනීම ගැන පොලිස් නිලධාරීන් දැඩි ලෙස මුනිවත රකින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මාධ්‍යයට මේ පිළිබඳ අදහස් දැක්වීම ද එරට පොලිසිය මඟහරින බව එම වාර්තාවල දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.