fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

    ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ජනාධිපති බයිඩන් විසින් අදාල ආධාර කඩිනමින් යුක්‍රේනයට ලබාදෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

    අදාල ආධාර විදේශ සහන පණත ප්‍රකාරව ලබාදෙන ලෙසටද උපදෙස් දී තිබේ.

    මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තම රටේ හමුදාවන් යුක්‍රේනයට සහය වීමට තමන් කිසිම අයුරකින් යොමුනොකරන බවයි.

    මලිත් ශ්‍රීනෙත්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.