fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යවසායකයින්ට ප්‍රවීණයන්ගෙන් නොමිලේ උපදේශන සේවා YES වෙතින්

    ව්‍යවසායකයින්ට ප්‍රවීණයන්ගෙන් නොමිලේ උපදේශන සේවා YES වෙතින්

    YouLead ව්යවසායකත්ව සේවා (YES) උපදේශන වේදිකාව, (yes.youlead.lk) USAID’s YouLead ව්යාපෘතිය මගින් නැගී එන ව්යවසායකයින්ට පළපුරුදු ව්යාපාරික ප්රවීණයන් සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් ප්රවීණයන්ගෙන් නොමිලේ උපදේශන සහ මඟ පෙන්වීම ලබා ගැනීමට මාර්ගගත වේදිකාවක් සකසා තිබේ. එහි වෙබ් අඩවිය එළිදැක්වීම 2022 ජනවාරි 12 වන දින කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි.
    විවිධ ක්ෂේත්රවලින් උපදේශකයින් 100 කට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගනිමින් මෙම සේවාව දිගු කාලීනව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනු ලබයි. උපදේශන සේවාවේ සම්පූර්ණ ක්රියාකාරිත්වය සිදු කිරීමට සහ එය දිගු කාලීනව තිරසාර කිරීමට YouLead විසින් දිවයිනේ ප්රමුඛ තරුණ ස්වෙච්ඡා සංවිධානයක් වන සස්නක සංසද තෝරාගෙන ඇත.
    සස්නක සංසදයේ ගරු සභාපති හසිත විජේසුන්දර මහතා ,Peter De Almeida – N*able හි කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක, Reed Aeschliman මහතා – ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජනපද ජාත්යන්තර සංවර්ධන නියෝජිතායතනයේ (USAID) දූත මණ්ඩල අධ්යක්ෂ, Charles Conconi මහතා – YouLead හි ව්යාපෘති අධ්යක්ෂ; IESC උප සභාපති සහ හර්ෂ ද අල්විස් මහතා – අධ්යක්ෂ, ව්යවසායකත්ව සංවර්ධන, YouLead සහභාගිත්වයෙන් මෙම උත්සවය වර්ණවත් විය.

    YouLead හට එක්සත් ජනපදයෙන් වසර හතක තුල ඩොලර් මිලියන 18ක  ප්‍රදානයක් හරහා අරමුදල් සපයන අතර ඒ ප්‍රදානය හරහා International Executive Service Corps (IESC) මඟින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම, තරුණ තරුණියන් ඵලදායී වෘත්තීන් වෙත සම්බන්ධ කිරීම සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

    සස්නක සංසද යනු 1997 වසරේ සිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට උපකාර වූ ප්‍රජා සංවිධානයක් වන අතර එය උසස් මානුෂීය ගුණධර්ම වලින් යුක්ත සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ආරම්භ කරන ලද්දකි.

    A Free Online Mentoring Platform for Entrepreneurs - YES | NewsWave LK  English
    Screenshot from yes platform
    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.