fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට ඉදන් ලංකාවට සල්ලි එවන්න මහ බැංකුවෙන් app එකක්

    රට ඉදන් ලංකාවට සල්ලි එවන්න මහ බැංකුවෙන් app එකක්

    ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට ප්‍රේෂණ යැවීමේදී විධිමත් ප්‍රේෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මේ වන විට පියවර ගනිමින් සිටී. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “SL Remit” ලෙස ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් ආරම්භ කර ඇත. එය හඳුන්වා දී සංවර්ධනය කර ඇත්තේ LankaClear (Pvt) Ltd විසිනි.

    ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම “SL Remit” පෙබරවාරි 8 වන දින යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ශ්‍රී ලංකා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, විසින් දියත් කරන ලදී.

    “SL Remit” ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනට පවතින ප්‍රේෂණ නාලිකා වෙත සෘජු ප්‍රවේශය ලබා දෙන අතරම ශ්‍රී ලංකාවට මුදල් යැවීම සඳහා වඩාත් පහසු සහ ලාභදායී ප්‍රේෂණ නාලිකා තෝරා ගැනීමට ඔවුන්ට ඇති හැකියාව පහසු කරයි.

    ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, Hatton National Bank PLC, National Savings Bank, Commercial Bank of Ceylon PLC, Nations Trust Bank, National Development Bank PLC, Cargills Bank Limited, Mobitel Private Limited සහ Dialog Axiata PLC දැනටමත් සම්බන්ධ වී ඇත. “Lanka Remit” සමඟින් අනෙකුත් ප්‍රේෂණ සේවා සපයන්නන් නුදුරු අනාගතයේ දී සම්බන්ධ වීමට බලාපොරොත්තු වේ.

    “SL Remit” විසින් විදේශයන්හි සිට සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම සහ විදේශයන්හි නිකුත් කරන කාඩ්පත් භාවිතයෙන් ශ්‍රී ලංකාවට මුදල් එවීමට පහසුකම් සැලසීම වැනි අගය එකතු කළ සේවාවන් රැසක් ලබාදීමට ද අපේක්ෂා කරයි.

    මුදල් අමාත්‍යාංශය, විදේශ සබඳතා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ඇතුළු පාර්ශවකරුවන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව “SL Remit” ප්‍රවර්ධනය කරයි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.