මින් ඉදිරියට මෙරට තුළ සම්පූර්ණයෙන් එන්නත් කළ අය ලෙස හඳුනා ගනු ලබන්නේ කොවිඩ්-19 වයිරසයට එරෙහිව එන්නත් තුනම ලබා ගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා අද වැඩිදුරටත් පැවසීය.
COVID-19 ට එරෙහිව නියමිත එන්නත් මාත්‍රා ලබාගෙන මෙරටින් කොවිඩ් තුරන් කිරීමටත් ඔබ සැමගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.