fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වෙනස ෂුවර්" - සජිත් සහතික වෙයි

    “වෙනස ෂුවර්” – සජිත් සහතික වෙයි

    මෙරට තුළ ඉදිරියේදී ආණ්ඩුවේ වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ මීළඟ ආණ්ඩුව පණටත් වඩා රටේ ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් බවයි.

    ලෝකයේ තිබෙන හැම පෝලිමක්ම මේ වන විට අපේ රටේ ඇති බව ද විපක්ෂ නායකවරයා කියාසිටියේ කන්කසන්තුරේ පැවති ජන ජනහමුවක් අමතමිනි.

    “අනිවාර්යෙන්ම වෙනසක් සිද්ධවෙනවා. ඒ වෙනස සිදු වන විට මේ රටේ බිහි වෙන්නේ පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත්, මේ රටේ ජනතාවට පණටත් වඩා ආදරය කරන, මේ රටේ ජනතාවට අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන, මේ රටේ පොඩි මිනිහගේ ආණ්ඩුව සමග සමගි ජන බලවේග ආණ්ඩුව බව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි” යැයි ද විපක්ෂ නායකවරයා කීය.

    ආණ්ඩුව මෙතෙක් සිදු කළ සියලු කටයුතු ජනතා විරෝධී ඒවා බවත්, ජාතීන් අතර භේදභින්න ඇති කරමින් විශාල ව්‍යසනයක් ආණ්ඩුව විසින් සිදු කොට ඇති බවත් හෙතෙම කීය.

    එසේ පැවසූ විපක්ෂ නායකවරයා මොහොතින් මොහොත සිදුවන්නේ මේ රටේ ජන ජීවිත කඩා වැටීම බවද පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.