තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි සති දෙකේදී තවත් ඩොලර් මිලියන 2.15ක් ලංකාවට

    ඉදිරි සති දෙකේදී තවත් ඩොලර් මිලියන 2.15ක් ලංකාවට

    මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් මෙරට රජය ඉල්ලූ දෙවැනි වන්දි මුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ලැබෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 2.15 ක වන්දියක් හිමිවන බව ද ඇය සඳහන් කළාය.

    එමෙන්ම නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට පතිත වූ කන්ටේනර් කැබලි හා අනෙකුත් ද්‍රව්‍ය ගොඩ ගැනීම මේ වනවිට 70%කින් පමණ අවසන් කර ඇති බවද නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් කීවාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img