fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට අල්ලස් දුන් චීන ඔත්තුකාරිය

    බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට අල්ලස් දුන් චීන ඔත්තුකාරිය

    බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තරයේ බුද්ධි කටයුතු මෙහෙයවනු ලබන එම්අයි5 විසින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චීනයට හිතවාදීව කටයුතු කිරීමට පෙළෙඹවීමේ මෙහෙයුමක නිරතව සිටි කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    ක්‍රිස්ටීන් ලී ලෙස හඳුනාගෙන ඇති මෙම කාන්තාව විසින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මුදල් ආධාර ලබාදෙමින් ඔවුන් හරහා චීනයට හිතකාමී මතවාදයක් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු තුල නිර්මාණය කිරීමට උත්සහකර ඇති බවට බි්‍රතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවාව පවසයි.

    ඒ අනුව අදාල කාන්තාව සම්බන්ධයෙන් වූ තොරතුරු සහ ඇගේ ඡායාරූප බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක වන ලින්ඩ්සී හොයිල් හට මේවන විටත් ලබාදී ඇති අතර ඔහු විසින් ඒ බව මන්ත්‍රීවරුන් දැණුම්වත් කිරීමටද මේවන විටත් පියවරගෙන තිබේ.

    මෙම කාන්තාව ලන්ඩනයේ නීති උපදේශන ආයතනයක් පවත්වගෙන යන අතර ඇයගේ ආයාතනය විසින් ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලයට නීති උපදෙස් ලබාදීමද සිදුකර ඇති බවට අනාවරණය වේ.

    එසේම ඇය විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ අවශ්‍යතා මත මෙම කටයුතු කර ඇති බවටද බි්‍රතාන්‍ය ඔත්තුසේවා චෝදනා කරනු ලබයි.

    අදාල කාන්තාව විසින් මෑතකදී කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන බැරී ගාඩ්නර් හටද බි්‍රතාන්‍ය පවුම් හාරලක්ෂ විසි දහසකට අධික මුදලක් ලබාදී ඇති බවටද අනාවරණය වේ.

    කෙසේ වෙතත් අදාල කාන්තාවට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව බි්‍රතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයි මාධ්‍ය වෙත පවසා තිබේ.

    ලන්ඩන් හී පිහිටි චීන තානාපති කාර්යාලය විසින් බි්‍රතාන්‍ය ඔත්තු සේවා නගන චේදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර තම රජය කිසිම විටෙත තවත් රටක පාර්ලිමේන්තුවේ කටයුතු වලට හෝ මන්ත්‍රීවරුන්ට බලපෑමක් නොකරන බවද එම කාර්යාලය සඳහන් කරයි.

    මේ අතර බි්‍රතාන්‍ය ඔත්තුසේවා විසින් බි්‍රතාන්‍ය තුල වෙසෙන චීන ජාතිකයින් අපහසුතාවයට පත්කිරීමටත් ඔවුන් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමටත උත්සහකරන බනද තානාපති කාර්යාලය වැඩිදුරත් සඳහන් කර ඇත.  

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.