fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPදෙවන ලෝක යුද සමයේ ඇමරිකානු සෙබලෙකු ලියු ලියුමක් වසර 76කය පසු නිසි...

    දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු සෙබලෙකු ලියු ලියුමක් වසර 76කය පසු නිසි ලිපිනයට ලැබුණු හැටි

    ඇන්ජලීනා ගොන්සාල්වෙස් හට පසුගියදා නොසිතූ ලියුමක් ඇවිත් තිබිණි. එය ඇමරිකානු තැපැත් සේවය විසින් එවන ලද විශේෂිත ලියුමකි.

    එම විශේෂිත ලියුම ඇය කිසි දිනෙක අපෙක්ෂා නොකළ ලිපියක් වන අතර එය ඇගේ සැමියා විසින් ලියන ලද්දකි.

    එහෙත් මෙම ලියුමේ විශේෂත්වය වන්නේ එය 1945 වර්ෂයේදී ඇන්ජලීනාගේ සැමිය වූ සාජන් ජෝන් ගොන්සාල්වෙස් විසින් සිය මවට ලියන ලද්දක් වීමයි.

    එවකට 22 හැවරිදි වියේ පසුවූ ජෝන් විසින් ඔහු දෙවන ලෝක සංග්‍රාම සමයේ ජර්මනියේ සිටින විටදී ලියන ලද්දකි. එම ලිපියෙන් ජෝන් සිය මවගෙන් පවුලේ සමාජිකයින්ගේ විස්ථර විමසා ඇති අතරම නුදුරේදීම තවමන් ඇයව බැලීමට පැමිණෙන බවද සඳහන් කර තිබේ.

    අදාල ලිපිය ජෝන් විසින් 1945 දෙසැම්බර් 6 වැනිදා ලියන වන විට දෙවන ලෝක සංග්‍රාමය අවසන්ව මාස කිහිපයක් ගතවී තිබිණු අතර එය සිය නිවසට ලඟා වීමට වසර 76ක් සහ දින 3ත් ගත වනු ඇති බවට කිසි දිනෙක නොසිතන්නට ඇත.
    කෙසේ වෙතත් තමන් ඉතාම ආසාවෙන් ලියන ලද ලිපිය අවසානයේ නිසි ලිපිනයට ලඟ වූ බවට දැන ගැනීමට ජෝන් හට අවස්ථාව හිමි නොවු අතර ඔහු 2015 වර්ෂයේදී අවුරුදු 92ක් ආයු වලඳා අවසන් හුස්ම හෙලා තිබිණි’.

    ජෝන් විසින් මෙම ලිපිය ලියන විට ඔහුට සිය බිරිඳ හමුවී නොතිබුණු අතර එබැවින් ලිපිය හුදෙක්ම සිය මවට පමණක්ම ලියන ලද්දක් වේ.

    පිටු දෙකකින් සමන්විත මෙම ලිපියෙන් ජොන් විසින් තමන්ට ලැබෙන ආහාර සහ එහ ඇති අඩුපාඩු මවට පවසා ඇති අතර කාලගුණය යහපත් තත්ත්වයක නොපවතින බවටද සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් එවකට ජොන් ලිපියේ අලවා තිබූ සත හයක මුද්දරයද අදත් ඉතාම සුරක්ෂිතව පවතින අතර ලිපියද ඉතාම සුරක්ෂිතව පැවතීමට සුවිශේෂ කාරණයකි.

    ලිපිය සම්බන්ධයෙන් ඇන්ජලීනා පවසා ඇත්තේ තමන්ට මෙම ලිපිය ලැබීම ඉතාම සුවිශේෂී සිදුවීමක් බවයි. “මේ ලිපිය කියවන්න ලැබීම මට විශාල සතුටක්. ඒවගේම ලිපිය ඉතාම හොඳ තත්ත්වයෙන් පවතිනවා.” යනුවෙන්ද ඇය පවසා ඇත.

    සිය පියා විසින් මිත්තනියට ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ජෝන්ගේ පුතු පවසා ඇත්තේ තමන්ට අදහාගත නොහැකි සිදුවීමක් බවයි. එසේම ලිපිය සිය මව කියවන විට ඇගේ මුහුණ ඇති වූ දීප්තිය තමන්ට විශාල සතුටත් ගෙන එන ලද බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් වසර 76ක් මෙම ලිපිය පැවතිය ස්ථානය පිළිබඳ තවමත් නිසි පිළිතුරක් සොයාගැනීම හැකියාව ලැබී නොමැත. කෙසේ වෙතත් ඉකුත් වසරේදී ඇමරිකානු තැපැල් සේවය පිට්ස්බර්ග් හී පිහිටි මධ්‍යස්ථානයකින් හමුවී ඇත.

    ඇමරිකානු තැපැල් සේවය ඇන්ජලීනාට එවා ඇති ලිපියට අනුව තැපැල් සේවයේ සේවකයින් විසින් මෙම ලිපියේ වැදගත් බව අවබෝදකරගෙන ඇති අතර ඒ අනුව මෙම ලිපියේ හිමිකරු සෙවීම ආරම්භකර ඇත.
    එහිදී ජොන් මරණයටපත්ව ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුගේ පවුලේ සමාජිකයින්ට මෙම ලිපිය ලබාදීමට තැපැල් සේවය තීරණය කර තිබේ.

    “අපි ඔබේ සැමියා 2015 වර්ෂයේදී මෙලොව හැරගිය බවට අනාවරණය වුවා. (ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අපගේ කණගාටුවද මෙයින් පළකරමි) අපගේ කැපවීමෙන් කටයුතු කරන සේවකයින්ගේ උත්සහය නිසාවෙන් අපිට ඔබේ ලිපිනය සොයා ගැනීමට හැකියාව ලැබිණි.
    ඒ අනුව අපි මෙම ලිපිය වසර 76ක ප්‍රමාදයකින් පසුව වුවද ඔබට යොමුකරන අතර මෙම ලිපියේ පැරණි බව එය ඔබේ පවුලේ සමාජිකයින්ට ඇති වැදගත් බව අවබෝධකරගනිමින් යොමු කරන අතර එය ඔබට ලබාදීමට හැකිවීම අපහටද ඉතාම සුරක්ෂිතව කාරණක් බව දැණුම් දීමට කැමැත්තෙමු.” යනුවනේ ඇන්ජලීනාට ඇමරිකානු තැපැල් සේවය යොමු කර ලිපියේ සඳහන්ව ඇත.
    කෙසේ වෙතත් මෙම ලිපිය ජොන්ගේ මවට කියවීමට නොහැකි වුවත් ඔහුගේ මවගේම නම හිමි ඔහුගේ බිරිදට කියවීමට අවස්ථාව හිමිවීම ඉතා සුවිශේෂි සිදුවීමකි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.