fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ මුද්‍රණාලයේ මහා පරිමාණ කඩදාසි වංචාවක්

    රජයේ මුද්‍රණාලයේ මහා පරිමාණ කඩදාසි වංචාවක්

    වසර ගණනාවක් තිස්සේ කරගෙන ගිය රජයේ මුද්‍රණාලයේ කඩදාසී (අස්කොන්) වංචාවක් සම්බන්ධව කරුණු හෙළිදරව් වී ඇත.

    රජයේ මුද්‍රණාලයේ කැපී ඉවත්වන අස්කොන් දිනකට කිලෝ 1000ක් 2000ක් පමණ ටෙන්ඩර් ක්‍රමයට විකිණීම සිදුවන අතර එසේ ඉවත් කරන කඩදාසි අදාළ ගැණුම්කරු බර අනුව මුදල් ගෙවා ඉවත් කළ යුතු වේ.

    අස්කොන් ඉවත් කරන ලොරි රථයේ බර සහ අස්කොන් සමඟ ලොරි රථයේ බර කිරීම දැනට පෑලියගොඩ නුවර පාරේ වික්‍රමරත්න ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය යටතේ සිදු වී ඇත.

    පසුගිය 10 වැනිදා කඩදාසිවල බර කිරීමේ දී අස්කොන් කිලෝ 2500ක් මෙසේ වංචනික ලෙස ගණනය කර තිබී ඇත. කිරුම්කරුට වංචනික ලෙස රුපියල් 10000ක මුදලක් ගෙවමින් මෙම ජවාරම කරගෙන ගොස් ඇති බව කියයි.

    මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති පෑලියගොඩ පොලිසිය දැනුවත් කර නැවත කිරා බැලීමේ දී එදින කඩදාසි කිලෝ 2500ක පමණ වංචාවක් සිදුව ඇති බවත් එමගින් රජයට අහිමි කළ මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහසක් බවත් අනාවරණය වී ඇත.

    අස්කොන් කිලෝවක් රුපියල් 165කට මිලදී ගනිමින් කළ මෙම වංචාව තවත් වසර ගණනාවක සිට කරගෙන යන්නට ඇති බව වෘත්තිය සමිති නියෝජිතයෝ චෝදනා කරති.

    මෙම වංවාව පිළිබඳව තොරතුරු සැඟවීමට පෑලියගොඩ පොලිසිය කටයුතු කරමින් සිටින බවට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් පොලිසියත් දෙපාර්තමේන්තු මට්ටමෙනුත් මේ සම්බන්ධයෙන් අනාවරණ විමර්ශනයක් පවත්වනු ඇති බවට වෘත්තිය සමිති නියෝජිතයින් විශ්වාසය පළ කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.