fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ණය ගත් රටවලින් සහන දෙන්නේ දේශපාලන කොන්දේසි දාලා"- මහබැංකු හිටපු නි. අධිපති

    “ණය ගත් රටවලින් සහන දෙන්නේ දේශපාලන කොන්දේසි දාලා”- මහබැංකු හිටපු නි. අධිපති

    රට අද වනවිට පත්ව ඇති ආර්ථික අගාධයෙන් ගැලවීමට නම් දැනට ඇති හොඳම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලියු.ඒ.විජේවර්ධන මහතා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන විට ආර්ථික කොන්දේසි පනවන නමුත් වෙනත් මිත්‍ර රටවලින් ණය ලබා ගැනීමේදී ඔවුන් දේශපාලන කොන්දේසි පනවන බව ද විජයවර්ධන මහතා පැවසීය .

    ණය ලබාගැනීමේදී දේශපාලන කොන්දේසිවලට යටත් වනවාට වඩා ආර්ථික කොන්දේසිවලට යටත් වීම රටේ ආර්ථිකයට යහපත් බවද හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    එම නිසා මිත්‍ර රටවලින් ණය ලබා ගැනීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීම ආර්ථිකමය වශයෙන් වාසිදායක බව ද ඔහු සඳහන් කළේ ය.

    චීනය වැනි රටවලින් මාස 3ක කාලයක් සඳහා කෙටි කාලීන ණය ලබා ගත්ත ද එම ද එම ණය ගෙවීම තවදුරටත් දික් කරන්නේ නම් ඔවුන් දේශපාලන කොන්දේසි පනවන බවද එය රටට අහිතකර බවද විජයවර්ධන මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.