fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ශ්‍රීලනිපය කාගෙවත් පස්සේ ගිහින් නැට්ටක් වෙන්න ලෑස්ති නෑ'

    ‘ශ්‍රීලනිපය කාගෙවත් පස්සේ ගිහින් නැට්ටක් වෙන්න ලෑස්ති නෑ’

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාගෙන්වත් පස්සේ ගොස් නැට්ටක් වීමට සූදානම් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) අනුරාධපුරයේදී පැවසීය.

    පක්ෂය සංවිධානය කර රටට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ වැඩපිළිවෙලට එකතු වෙන අයත් එක්ක පක්ෂයද එකතු වන බවද ඔහු සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ 03 වැනි බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් පක්ෂය නැත්තනට නැතිවුණ විනාශ වුණ පක්ෂයක් නොවන බවද ඔහු කීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

    හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

    “ගොවියාගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවයක් වර්ථමාන ආණ්ඩුවට බෙල්ල කැපුවා වගේ එක පාරම ගොවීන්ගේ රසායනික පොහොර ⁣නතර කරන්නේ නෑ.

    මම වරින් වර මහවැලි ඇමති, කෘෂිකර්ම ඇමති, ඒ සෑම කාළයේමත්, ජනාධිපති කාලයේත් මම කාබනික පොහොර ව්‍යාපෘතිය පටන් ගත්තා.ලංකාවේ පළමුවැනි වතාවට කාබනික පොහොර අධිකාරියක් හැදුවේ මම 2007 දී, ඒකත් කරන්න දුන්නේ නෑ .

    අපි අනුරාධපුර, පොළොන්නරුවේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපේ ඓතිහාසික මහා උරුමයත් සමඟ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ අපි ඔක්කොම ගොවියෝ වර්ථමානය තුළ ගොවිතැන, කෘෂිකර්මය වැටිලා තියෙන සෝචනීයයි.

    ඊයේ (04) මම මාතලේ කරපු කථාව මගේ හිතවත් අය කථා කරලා කිව්වා ටොපේ ටොප් කියලා කියලා.

    පොලොන්නරුවේ ඉඳන් උදේ එද්දිනුත් ෆෝන් එකෙන් කථාව ටිකක් සැර වැඩියි නේද කියලා.මං කථාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කථා කරන්න පුලුවන් කියලා පෙන්නන්නයි.

    මොකද සමහර අය හිතන් ඉන්නවා බෑ කියලා.සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි.සමහර අයට ලොකුවට දැන් බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් දැන් ඇවිත්.

    මම හිතන්නේ නෑ, මේ රටේ ජනතාව මේ කාළයේ විඳින දුකේ හැටියට දේශපාලඥයින්ට රැවටිලා ඊළඟ අවස්ථාවේ ඡන්දේ දෙයිද කියලා. ඒක නිසා හුඟක් වෙලාවට මොන අඩුපාඩු තිබුණත් ඡන්දේ කාලයට ආයේ, කන්න දීලා, මොනවා හරි දීලා, සල්ලි දීලා, බඩු බෙදලා,බෙදන්න තියෙන ඔක්කොම බෙදයි.

    මම ඇල් වතුරවත් දෙන්නේ නැතිව 2015 ජනාධිපතිවරණය දිනුවා.ජනතාව තීන්දු ගන්න වෙලාවල් තියෙනවා. නැවත අවශ්‍යය වෙන්නේ මේ රට ඉදිරියට ගෙන යන්න පවතින ආර්ථික,සමාජ, දේශපාලන අර්බුධ තුළ අපි අපේ ගමන යන්න සකස් කර ගන්න ඕන.වංචාව, දූෂණය, හොරකම ගැන අපි අවුරුදු 25-30 ක් කථා කරලා තියෙනවා.මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පහුගිය අවුරුදු 15-20 ක් ඡන්ද දීලා තියෙනවා, ඡන්ද ගත්තාට පස්සේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා.

    මේ රටේ තියෙන සංවර්ධනයන්ට බාධාවක් ඒක.මම 2014 නොවැම්බර් 21 එදා රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ, බොහෝම පවිත්‍ර, අවංක චේතනාවෙන් මගේ බිරිඳ ඇතුළු දරුවන් සියලු දෙනාගේම ජීවත පිළිබඳව දැඩි අවධානමකින් පොදු අපේක්ෂකයා විදිහට එළියට ආවේ. සමහරු ඔලුවේ අත ගහගෙන කිව්වා කළු ගලේ ඔලුව ගහගන්න එපා, ඔක කවදාවත් කරන්න බෑ, දිනන්න බෑ කිව්වා.මහ රජානෝ දිනන්න, මෛත්‍රීපාල සිරිසේන වගේ පොලොන්නරුවේ කෙනෙක්ට පුලුවන්ද ඇහුවා. නමුත් වෙච්ච දේ කවුරුත් දන්නවා.

    අද ආණ්ඩුව ගන්න තීන්දු තීරණ දේශපාලන කළමණාකරනය වරද්දාගෙන?, රාජ්‍යය පරිපාලන කළමණාකරනය වරද්දගෙන තියෙනවා. රටේ ආර්ථිකය, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරනය වරද්දගෙන තියෙනවා. ගිය අවුරුද්දේ සම්මත කරපු 20 වැනි සංශෝධනය අවලංගු කරන්න ඕන, මම සම්මත කරපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ඒකේ තිබුණ වැරදි අඩුපාඩු නිවැරදි කරලා, අපි සම්මත කරපු 19 ය සංශෝධන සහිතව සම්මත කිරීම අවශ්‍ය වෙනවා රට ඉස්සහරට ගෙන යන්න.

    ලෝකය සලකන්නේ රාජ්‍ය නායකයන්ගෙ මූණ බලල තනතුරුට නෙමෙයි. විදේශ සම්බන්ධතා හදාගෙන රාජ්‍ය නායකයන්ගෙ හිත දිනාගැනීමත් කලාවක් යැයිද ඔහු සදහන් කළේය”

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.