fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැට් වෙනුවට පොදු බද්දක් ගේන්න ඇමතිලා එකඟයි

    වැට් වෙනුවට පොදු බද්දක් ගේන්න ඇමතිලා එකඟයි

    වැට් බද්ද වෙනුවට පොදු භාණ්ඩ සහ සේවා බද්දක් හඳුන්වාදීමට රජය තීරණය කරයි.

    ඒ සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

    ඊට අදාළ යෝජනාව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.

    ඊට අදාළ කැබිනට් තීන්දුවේ මෙසේද සඳහන් වෙයි.

    2021 සහ 2022 අයවැය මඟින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකි වන පරිදි විවිධ ව්‍යවස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කරනු ලබන තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

    එසේම, 2022 අයවැය මඟින් මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද වැඩි කිරීමට සහ වසංගත හෝ මහජන සෞඛ්‍ය තත්ත්වයන් යටතේ රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරනු ලබන වෛද්‍ය උපකරණ, උපාංග සහ රසායනික ද්‍රව්‍ය ආදිය එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමටත් යෝජනා කර තිබේ.

    නීති කෙටුම්පත් සම්පාදක විසින් එම කාර්යයන් වෙනුවෙන් සකස් කරන ලද විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සඳහා සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

    ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.