තුර්කියේ ඉස්තාන්බුල් හිදී පැවැත්වෙන Asian classic – Equipped Bench Press and Powerlifting Championships හිදී රන්පදක්කම් 04ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ සමත් වෙයි.
කිලෝග්‍රෑම් 47 බරපන්තියේ සමස්ත ශූරතාවය සමඟින් එම අංශයෙන් මෙම රන් පදක්කම් දිනාගැනීමට ඇය සමත් වී ඇත.
රටවල් 19ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24 වන දින සිට 30වන දින දක්වා තුර්කියේ දී ආසියානු බර එසවීමේ ශූරතාවලිය පැවැත්වේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඇයට සුබපැතුම් එක්කර තිබේ.