fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලය සිව්වන මාත්‍රාවත් දෙයි

    ඊශ්‍රායලය සිව්වන මාත්‍රාවත් දෙයි

    ඊශ්‍රායලය රජය විසින් කොරෝනා මර්ධන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව රට වයස අවරුදු 60 ඉක්මවූවන්, සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රතිශක්තිකරණ පද්ධිතය දුර්වල පුද්ලයින් හට සිව්වන එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිත බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    ඊශ්‍රායලයේ කොරෝනා වෛරසය පිළිබඳ විශේසඥ කමිටුව විසින් දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

    එම කමිටුවට අනුව කොරෝනා මර්ධන එන්නතේ තෙව මාත්‍රාව ලබාගෙන මාස හතරක කාලයක් ඉක්මවූවන්ට සිව්වන මාත්‍රාව ලබාදීම සිදුකරනු ලැබේ.

    ඊශ්‍රායලයේ කොරෝනා වෛරසය පිළිබඳ විශේසඥ කමිටුවේ සමාජිකයෙකු එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිව්වන මාත්‍රාවට අවසර ලබාදීම ඉතා බැරෑරුම් තීරණයක් වූ බවයි.

    සිව්වන එන්නත් මාත්‍රාව ලබාදීමෙන් අත්වෙන ප්‍රතිශක්තීකරණ මට්ටමත් පිළිබඳ තවමත් නිසි දත්ත නොමැති බවද ආදල කමිටු සාමාරික මහාචාර්ය ගාලියා රාහව් ප්‍රකාශ කර ඇත.

    ඊශ්‍රායලයේ ජනතාවට සිව්වන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කිරීම පිළිබඳ එරට අග්‍රාමත්‍ය නෆ්තාලි බෙනට් සිය ප්‍රසාදය පළකර තිබේ.

    ලොව මුල්වරට කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාවද ලබාදෙනු රටවල් අතරට ඊශ්‍රායලය එක්වෙන අතර එරට ජනගහනයේ අතිමහත් බහුතරයකට ෆයිසර් එන්නත ලබාදී ඇත.

    මෙම වසරේ ජූලි මාසයේ සිට ඊශ්‍රායලය එරට වයස අවුරුදු 60 ඉක්මවූවන්ට තෙවන මාත්‍රාව ලබාදීම අරම්භ කළ අතර අගෝස්තු මාසයේ සිට සියලුම දෙනාට තෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව ඊශ්‍රායලය තුල එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයින් පමණක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකණු ලබයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.