fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රහස් පොලීසියේ හිටපු ලොක්කා රහස් පොලීසියට කැඳවයි

    රහස් පොලීසියේ හිටපු ලොක්කා රහස් පොලීසියට කැඳවයි

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් ඇත.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරන විමර්ශවලට අදාලව එම ප්‍රකාශය සටහන්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් අප කළ විමසුමකදී සදහන් කළේය.

    රවී සෙනෙවිරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදීය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුවූයේ ඔහු යටතේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.