fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැනමා පත්‍රිකා හෙළිකිරීම් ගැන ඓශ්වර්යාගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

    පැනමා පත්‍රිකා හෙළිකිරීම් ගැන ඓශ්වර්යාගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

    ආන්දෝලනාත්මක ‘පැනමා පත්‍රිකා’හෙළිදරව්වක් සම්බන්ධයෙන් ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන්ගෙන් පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර ඇතැයි එරට වාර්තා පවසයි.

    ඒ එමගින් සිදු වූ බව කියන විදේශ විනිමය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. එරට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක කාර්යාලයේ දිල්ලි කාර්යාලයේදී මෙම ප්‍රශ්න කිරීම කර තිබුණි.

    බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය යනු ඉන්දියාවේ ආර්ථික නීති ක්‍රියාත්මක කිරීම සහ ආර්ථික අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා වගකිව යුතු නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකි. එය ඉන්දියානු රජයේ මුදල් අමාත්‍යාංශයේ ආදායම් දෙපාර්තමේන්තුවේ කොටසකි.

    බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් හි පිහිටි සමාගමක මුදල් තැන්පත් කර ඇති බවට කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමර්ශන ආයතනය ඇයගේ ප්‍රකාශය සටහන් කර ගත් බව එරට වාර්තා පවසයි.

    බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන්ගේ ලේලිය වන 48 හැවිරිදි ඓශ්වර්යා රායි මීට පෙර කැදවා තිබූ නමුත් දෙවරක්ම කාලය ඉල්ලා සිටියාය.

    බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී පැනමා පත්‍රිකාවලට අදාළව 2017 චෝදනා විමර්ශනය කිරීම ආරම්භ කළේය.

    එමගින් 2004 සිට විදේශ ප්‍රේෂණ පිළිබඳව පැහැදිලි කරන ලෙස බච්චන් පවුලට නොතීසි නිකුත් කර තිබුණි.

    කෙසේවෙතත් අයිශ්වර්යා රායි පසුගිය වසර 15 තුළ ලැබුණු විදේශ ගෙවීම් වාර්තා ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

    2004 දී බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටුවන ලද Amic Partners – අක්වෙරළ සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස ඇය නම් කර ඇත. පැනමාවේ නීති සමාගමක් වන Mossack Fonseca සමාගමේ එය ලියාපදිංචි කළ අතර එහි ගෙවන ලද ප්‍රාග්ධනය ඩොලර් 50,000 කි.

    රායි 2009 දී සමාගමෙන් ඉවත් වූ බව පැවස‍ේ. එය ඩුබායි පදනම් කරගත් BKR ඇඩෝනිස් විසින් අත්පත් කර ගන්නා ලදී..

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.