fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිලන් රථවලට අධිවේගී මාර්ග නොමිලේ

    ගිලන් රථවලට අධිවේගී මාර්ග නොමිලේ

    සියලුම ගිලන්රථ, අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

    රජයේ සහපෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන්රථ ද මෙලෙස අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

    මීට පෙර ගිලන්රථවලින් අධිවේගී මාර්ග ගාස්තු අය කෙරුණි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ සිට ගිලන්රථ තාවකාලිකව අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.