බොරැල්ල හා මරදාන අතර පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ලකා ඇතැයි වාර්තා වේ.
සම්පූර්ණ මුහුණ ආවරණ වන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා මෙම කොල්ලකෑම කර ඇතැයි සඳහන් ය.
සැකකරුවන් පලා ගොස් තිබේ.